රාජ්‍ය සේවකයින්ට සුභයි

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
රාජ්‍ය නිලධාරින් සඳහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව, එහි ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙනවා.
එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ වන අතර, පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වෙනවා.
එදිනෙන් පසු ගෙවීම නොකළ යුතු බව එස්. ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා තිබෙනවා.
ඒ වගේම මෙම අත්තිකාරම් මුදල 2025 වසර තුළදීම නැවත අයකර අවසන් කළ යුතු වෙනවා.