රට ගොඩගන්න සියලූ දෙනා සහය දෙමු

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ වර්තමානයේ ඇෆ්ගනිස්ථානයේ පවතින තත්වය පිළිබඳව අධික්ෂණය කරමින්.

එහිදී ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවීම සහ මානුෂීය සහනාධාර සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවීම වැනි කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබෙනවා.

පවතින තත්වය මත ඇෆ්ගනිස්ථානයේ මිලියන 24 කට ආසන්න පිරිසකට මානුෂීය ආධාර අවශ්‍යයි. නමුත් මේ වසරේ මානුෂීය සහානාධාර අරමුදල්වලින් ලැබී ඇත්තේ අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම, ඇෆ්ගන් ජනතාවට අයත් විදේශීය වත්කම්, කොන්දේසි විරහිතව අත්හිටුවා සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටීමට ද චීනය මෙහිදී පියවර ගෙන තිබෙනවා.

තවද, අදාළ රටවල් කොන්දේසි විරහිතව නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කර ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමට සහාය විය යුතු බව ද චීන නියෝජිතවරයා අවධාරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ත්‍රස්තවාදයේ මර්මස්ථාන මුලිනුපුටා දැමීමට සහ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදී සංවිධාන එක්රැස්වන ස්ථානයක් බවට යළි පත්වීම වැළැක්වීමට, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයෙන් ද ඉල්ලා සිටින බව Fu Cong මහතා මෙහිදී පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *