රටම නව මානයකට යොමු වෙන සුභ ලකුණු

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය පාලනය, රට තුළ ආයෝජනය සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම්වරයා පවසනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර අද (17) අතර පැවැති හමුවේදීයි.

ආර්ථික සංවර්ධනය අතින්, සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණය ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙස, මෙහිදී පළාත් ලේකම්වරයා වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා, මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ රට තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් පවසා තිබෙනවා.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවත් පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *