රජරට රැජින සහ සාගරිකා එංජින් ගැටුමක

අද (15) පෙරවරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙනි.

මෙම අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව තිබෙනවා.

එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අනතුර හේතුවෙන් අද පෙ.ව. 8.45 ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රිය ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *