රක්ෂිත බන්ධනාගාරගත කළ විදුහල්පති

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ බවට පුවතක් වාර්තා වෙනවා.

ඒ, පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන, අද (20) දින උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර තිබෙන අතර, පසුව එම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදුකළ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *