මෝල් හිමියන්ට වාසියක්

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා.

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරනවා.

පසුගිය කන්නවලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කණ්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිමව, දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25 ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 50 ක උපරිමයක් දක්වා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *