මොනවද බලාපොරොත්තු වෙන්නේ?

අමෙරිකානු ඩොලර් බිලියන 8 ක වටිනාකමකින් යුතු ආයුධ ඊශ්‍රායලයට අලෙවි කිරීමට අමෙරිකානු පරිපාලනය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇති අතර, මේ ආයුධ තොගයට මිසයිල, ෂෙල්, ගුවනේදීම එල්ල කළ හැකි මිසයිල ඇතුළු තවත් ආයුධ රැසක් අයත් වෙන බව සඳහන් වෙනවා.

අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ධුරයෙන් විශ්‍රාම යාමට දෙසතියක් පමණක් තිබියදීයි.

ගාසාහි සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාත පිරිසකට මරු කැඳවු ඊශ්‍රායල ප්‍රහාර මර්දනයට ඔවුන් වෙත ආයුධ ලබා නොදෙන ලෙස ලොව දසතින් ඉදිරිපත් වන ඉල්ලීම් නොතකා අමෙරිකාව මෙලෙස කටයුතු කිරීම විශේෂත්වයක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *