මේ දවස්වල ගිහින් වැඩක් නෑ

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන ආකාරයට මේ වසරේ දින 18ක් සුරාසැල් වසා තැබෙනවා.

අදාළ නිවේදනය පහත පරිදි වේ.

2025 ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය

2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය

2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය

2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය

2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය

2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය – සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

2025 අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය

2025 මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය

2025 මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය

2025 ජූනි 10 අඟහරුවාදා -පොසොන් පසළොස්වක පෝය දිනය

2025 ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය

2025 අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය

2025 සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය

2025 ඔක්තෝබර් 03 සිකුරාදා – ලෝක අමද්‍යප දිනය

2025 ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය

2025 නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය

2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය

2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්ද – නත්තල් උත්සව දිනය – අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික් ) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *