මේ ගමනේ අරමුණ මොකක්ද?

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් ඊයේ (14) පෙරවරු 10.25 ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගත් අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබෙනු දක්නට ලැබුණා.
මේ ආකාරයට චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං :ඞෂ වසබචසබට* මහතා හමුවීමට නියමිතයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිත බව වාර්තා වෙනවා.