මේවා තමයි තියෙන අභියෝග

නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද ආරම්භ වුණු ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අමතමිනි.

එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බවත්, නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බවත්, පැවසු ජනාධිපතිවරයා අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇති බව සඳහන් කරනවා.

දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහාය ලබාදිය යුතු බවයි.

“ඕනෑම ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක්, අත්තිවාරමක් අවශ්‍යයි. අපේ රට, අපේ ජාතිය අත්තිවාරම අහිමි වූ රටක්. පදනම අහිමි වූ රටක්. ඒ නිසා අපි මුලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම අපි සකස් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නීති විධාන ආධිපත්‍ය, ව්‍යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දුෂණය පිටුදැකීම. මේ අත්තිවාරම ඉදිරියට ගෙන යෑමට නම් අපි ඉතාමත් වේගයෙන් මේ අත්තිවාරම ගොඩනගමින් තිබෙනවා. පුරවැසියන්ට ඒ ගොඩනගා තිබෙන අත්තිවාරම මත ආර්ථික ප්‍රතිලාභ පුරවැසියාට ගලා යා යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවනවා…”

මේ අතර එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කරන බවත්, දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක්කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසන අතර, තුන්වන වැඩසටහන ක්‍කැ්බ ීරස ඛ්බන් වැඩසටහන බවත් සමස්ත ගරා වැටුණු දිරාවැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සදහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණු බව ද ජනාධිපතිවරයා හෙළි කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *