මෙහෙම දේවල් හැමතැනම නෑ

උදා වූ 2025 නව වසර වෙනුවෙන් කළුතර නාගොඩ මතුගම ප්‍රධාන මාර්ගය අසල අමුතුම සිදුවීමක් වූ බව වාර්තා වෙනවා. ඒ එහි වෙසෙන කුඩා පරිමාණ මාළු වෙළෙඳ ව්‍යාපාරිකයෙකු විසින්, එක් පාරිබෝගිකයෙකුට නොමිලයේ මාළු ග්‍රෑම් 500 බැගින් ලබාදීමක් සිදුකර තිබෙනවා.
කළුතර කටුකුරුන්ද රේක්කෝස් ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරික අජන්ත ද සිල්වා මහතා (කිරා මුදලාලි) සහ ඔහුගේ පුතු මෙම කටයුත්ත සිදුකළ අතර මාළුකිලෝ ග්‍රෑම් 250 ක් මෙසේ ජනතාවට බෙදුදුන් බවත්, ප‍්‍රදේශවාසී ජනතාව පෝලිම් ගැසී මාළු රැගෙන ගිය බවත් වාර්තා වෙනවා.