මෙවැනි ආයතන වලින් පරිස්සම් වෙන්න

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20 කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු මේ වෙන කොටත් අධිකරණයේ ක්‍රියාත්මක බව මහ බැංකු මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ වගේම සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇති බවද මහ බැංකුව සඳහන් කරනවා.
එවැනි නීති විරෝධී මූල්‍ය යෝජනාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මහ බැංකුව ආරම්භ කර තිබෙන බව සඳහන් වෙනවා.