මෙව්වා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි

වාහන එකලස් කර අලෙවි කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.
එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, මාතලේ ප්‍රදේශයේදීයි.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.
සැකකරු සන්තකයේ තිබී එකලස් කරන ලද වාහන 8ක් හමුවූ අතර, අංක තහඩු සහිත එම වාහනවල චැසි අංක වෙනස්කර ඇති බවට පොලීසිය සැක කරනවා.
ඒ, අතරින් වාහන 06 භාවිතයට ගතහැකි මට්ටමේ පවතින අතර, වාහන දෙකක් පවතින්නේ අබලන් තත්ත්වයකයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, පිළියන්දල ප්‍රදේශයේ සඟවා ඇති තවත් වාහනයක් ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර, එහි චැසි අංක සහ එන්ජින් සියල්ල වෙනස් කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.
මේ අතර සැකකරු සමග ක්‍රියාත්මක වන ජාලයක් පවතින බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර, මූල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක්ද ඊට සම්බන්ධයි. එකලස් කරන වාහන මිලදී ගන්නා ගැණුම්කරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදී ඇත්තේ ඔහු විසින් බව පොලීසිය පවසනවා.
ඒ අනුව, මෙතෙක් සොයාගැනුණු වාහනවල වටිනාකම රුපියල් කෝටි 05 කට අධික බව සඳහන් වෙනවා.
සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.