මෙව්වා ඉතිං දෙවියන්ටම විසඳන්න වෙන ප‍්‍රශ්න

සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට විරුද්ධව යමින්, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර ඇති බවයි.

හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණා.

එම පත්කිරීම සම්ප්‍රදායට එරෙහි බවත්, එම පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු බවටත් චෝදනා කරමින් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද ඉවත් වී තිබෙන බව වාර්තා වුණා.

අනතුරුව ඔවුන් සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට පැමිණ නිහඬ විරෝධතාවක නිරත වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *