මෙච්චර කාලයක් තද නින්දක ඉඳලා වගේ

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5 ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුවඳ රුපියල් ට්‍රිලියන 1.515 ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව, රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.
විශේෂම කාරණය වෙන්නේ, එම ආදායම ශ්‍රී ලංකා රේගුව විසින් වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වීමයි.
රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇති බව සඳහන් වෙනවා.
රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කිරීම මේ සඳහා බලපා ඇති බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කරනවා.