මියයන තරම් ඉපදෙන්නේ නෑ

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2013 වසරේ උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කරනවා.
නමුත් පසුගිය වසර වන විට එය දෙලක්ෂ විසිඅට දහස් අනූ එකක් ලෙස පහළ ගොස් ඇති බව ඇය පවසනවා. ඒ වගේම, මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂකයින් පමණ අඩු වී ඇති බව වෛද්‍ය විශේෂඥයින් ද පෙන්වා දෙනවා. විශේෂයෙන් ම ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බවයි.