මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිට පැමිණි ලාංකිකයෝ

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයේ සිටි කාන්තාවන් 08 ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, ඔවුන් ඊයේ පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබෙන අතර මෙම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කර තිබුණා.

මිනිස් ජාවාරම්කරුවන්ගෙන් මුදාගත් මෙම කණ්ඩායම නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිටි බව වාර්තා වෙනවා.

මේ අතර, තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයේ සිටින බවට තොරතුරු වාර්තා වන අතර, ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබෙනවා.

මේ අනුව, නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63 ක් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *