මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන ප‍්‍රශ්නය

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන මට්ටම්, සුදුසුකම් පිළිබඳ දැඩි කතාබහට ලක්වෙන අවස්ථාවක, නියෝජ්‍ය කතානායක මොහොමඞ් රිස්වි සාලි සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සිය Facebook ගිණුමේ ප‍්‍රකාශයක් සටහන් කරමින්. එහි දැක්වෙන්නේ, නායකත්වය පිළිබඳ විශ්වාසය සහ වගවීම පවත්වාගත යුතු බැවින් සිය වෘත්තීය සුදුසුකම් පිළිබඳ විවෘතව ප‍්‍රකාශයට පත් කිරීමට තමන් උනන්දු බවයි.

තමන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙකු වන අතර, වසර 38 ක කාලයක් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බවත් ඔහු සඳහන් කරනවා.

ඔහු මෙම සටහන තබා තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති පසුබිමකයි.

නියෝජ්‍ය කතානායකවරයාගේ එම Facebook සටහන පහතින් දක්වා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *