මාස 06 ක් ඇතුළත නව ව්‍යවස්ථාවක්

සිරියාව මාස හයක් ඇතුළත නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළයුතු බව එරට විපක්ෂය පෙන්වා දෙනවා.
ඒ අනුව තවත් මාස 18ක කාලයක් තුළ මැතිවරණයක් සඳහා යොමු විය යුතු බව එරට විපක්ෂ නායක හඩි අල් බහරා ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැරලිකරුවන් විසින් සිරියාවේ ඩැමස්කස් අගනුවර අත්පත් කරගැනීමත් සමග එරට ජනාධිපති බශාර් අල් අසාද් රටින් පළාගියා.
සිය පියාගේ වසර 30ක පාලන කාලයකින් පසු 2000 වසරේ සිරියානු ජනාධිපති ධුරයට පත්වූ බශාර් අල්-අසාද්, වසර 25කට ආසන්න කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ අතර, වසර 50කට ආසන්න අසාද් පවුලේ පාලනය මෙලෙස බිඳ වැටුණු බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.