මාතෘකාව මොකක් වෙන්න ඇතිද?

පසුගියදා, යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්තෝනියෝ කොස්ටා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙන බව වාැ්තා වෙනවා.
එහිදී සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව සඳහන් වෙනවා.
නව උපායමාර්ගික න්‍යාය පත්‍රයක නිරත වීමට කාලය එළඹ ඇති බව යුරෝපා කවුන්සිලයේ සභාපති ඉන්දීය අගමැති හමුවේ පවසා ඇති අතර, ඉන්දියාව යුරෝපා සංගමයේ ප්‍රධාන ගෝලීය හවුල්කරුවෙකු වෙනවා.
ඒවගේම, ආරක්‍ෂාව, ජාත්‍යන්තර නීතිය සහ යුරෝපයේ මෙන්ම ආසියාවේ භූ දේශපාලනික අභියෝගවලට මුහුණ දීමේ දී සහයෝගීව ක්‍රියා කිරීමේ ක්‍රම කෙරෙහි ද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුකර තිබෙන බව සඳහන් වෙනවා.