මහජන විමුක්ති හමුදාවේ නියෝජිත පිරිසක් මෙරටට

මහජන චීන සමූහාණ්ඩුවට අයත් මහජන විමුක්ති හමුදාවේ ඉහළම මට්ටමේ පර්යේෂණ ආයතනය නියෝජිත පිරිසක් මෙරටට පැමිණි බව වාර්තා වෙනවා.

ඔවුන් පාත්ෆයින්ඩර් පදනම මුණගැසී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඛෙයිජිං හි ස්ථාපිත මහජන විමුක්ති හමුදාවේ, හමුදා නීති පද්ධති ආයතනයට සම්බන්ධ විද්‍යා ඇකඩමි පර්යේෂකයන් පිරිසක් වන මෙම නියෝජිතයන් පිරිසේ ප්‍රධානියා වශයෙන් වැන්ග් යොනිකියොන් මහතා කටයුතු කරන බව සඳහන් වෙනවා.

විශේෂයෙන් ම මෙහිදී අධ්‍යයන පර්යේෂණ නියෝජිතයන් සමග චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

2019 නොවැම්බර් මාසයේ දී මෙම ආයතනයේ දේශපාලන අංශ නියෝජිත පිරිසක් මෙරටට පැමිණි අතර, එහිදී ද පාත්ෆයින්ඩර් පදනම මුණ ගැසුණ බව බර්නාඩ් ගුණතිලක මහතා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

දෙරට අතර පොදු උනන්දුවක් දක්වන විෂයයන් පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින්, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳව සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ වන අතර “එක් තීරයක් එක් මාවතක්” යන සංකල්පය අනුව චීන ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන හා එහි සංස්කෘතික පැති අධ්‍යයනය කර එකඟතාවයක් ඇති කරගත හැකි මාතෘකා ගවේෂණය කිරීමට ඇති හැකියාව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

කොවිඩ් -19 වසංගත තත්ත්වයට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථීක අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ සඳහා ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව යන රටවල් ත්‍රෙපාර්ශ්වයික මුහුණුවරකින් අනුගමනය කළ පියවර ගැන මෙහි දී ගුණතිලක මහතා කරුණු දක්වන ලද අතර, ඉන්දියන් සාගරයේ ආරක්ෂාව අරමුණු කරගෙන ඇතිකරන ලද විද්වත් සංවාද මණ්ඩපවල ක්‍රියාකාරීත්වය හා ඉන්දියන් සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි චීනයේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *