මහජන යෝජනා සහ අදහස් වලට අවස්ථාවක්

පවතින තත්ත්වය තුළ විදුලිය ගාස්තු 11% කින් පමණ අඩුකළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම (PUCSL) පවසනවා.
සිය ප්‍රතියෝජනා කෙටුම්පත ඉදිරිපත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ, විදුලිය ජනනයට යොදා ගන්නා ඉන්ධන මිල ගණන් ද තවදුරටත් අඩු කළ හැකි තත්වයක් පවතින බවට නිරීක්ෂණය වන බවයි.
මහජන උපයෝගීතා කොමිසම සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත පිළිබඳ මහජන අදහස් විමසීම අද (17) සිට ආරම්භ වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු යෝජනාව, ඛනිජතෙල් නීතිගත සංස්ථාව විදුලිය ජනනයට ඉන්ධන නිකුත් කරන මිල පිළිබඳ වාර්තාව ඇතුළු කරුනු කිහිපයක් අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.
ලිඛිත අදහස් භාර ගැනීම ජනවාරි 08 වැනිදා දක්වා සිදු කෙරෙන අතර වාචික අදහස් දැක්වීම සැසිවාර 09 ක් ඔස්සේ පළාත් මට්ටමින් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.
යෝජනාව පිලිබද ලිඛිත අදහස්, info@pucsl.gov.lk ඊමේල් ලිපිනයට යොමු කළ හැකියි.
076 427 10 30 වට්ස්ඇප් අංකයට යෝජිත විදුලි ගාස්තු පිලිබද ලිඛතව අදහස් ඉදිරිපත් කළ හැකි බවත්, තැපැල් මගින් යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා.
කෙසේ වෙතත්, 2025 වර්ෂයේ මුල් මාස 6 සඳහා පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව පවත්වා ගැනීමට විදුලි බල මණ්ඩලය මේ වන විට යෝජනා කර තිබෙනවා.