මස්කෙළියේ වතු නිවාස ගිනි ගනී

මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) රාත්රි 11.30 පමණ හටගත් ගින්නකින් නිවාස 8 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.
මස්කෙළිය පොලිස් වසමට අයත්, නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිරෙමින් තිබූ ගින්න පාලනය කිරීමට වතු කම්කරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත්, ගින්නට හසු වූ නිවාසවල, පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර, ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මස්කෙළිය පොලීසිය සැක කරන්නේ මෙම ගින්න, විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇති බවයි.
ගින්නේ අවතැන් වූ පවුල් 8 කට අයත් සමාජිකයන් 21 දෙනෙක්, ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.