මන්ත‍්‍රී හර්ෂගේ යෝජනාව

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින්.

“හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රට තුළ අනීතික නැහැ. නමුත් එය කිසිම විදිහකට නියාමනය වෙන්නනේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා  2024 ජුනි සිට 2025 මැයි කියන මාස 12 ඇතුළේ මේ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි වෙන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් තමයි යෝජනාව තියෙන්නේ. කාරක සභාව මේ පිළිබඳව මහ බැංකුවෙන් ඉල්ලා සිටියා ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක්. එය සම්මතකරලා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *