මධ්‍යම අප‍්‍රිකාව බලා ගිය ගුවන් හමුදා කණ්ඩායම

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා සක‍්‍රිය දායකත්ව ලබාදෙනවා.

මෙලෙස අනියුක්ත කරනු ලබන හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහන, ආහාර පාන රැගත් භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායම් ප‍්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂී කාර්යන් රැසකට සක‍්‍රිය දායකත්වය ලබාදෙනු ලබනවා.

මේ අතර මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා සිටි ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 92 දෙනෙකු ද මධ්‍යම අප‍්‍රිකාවේ සිට නැවත ශ්‍රි ලංකාව වෙත පසුගියදා පැමිණි බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *