බෝට්ටුවෙන් යන්න ගිය රත්තරං

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ කිලෝ 11 යි – ග්‍රෑම් 300 ක පමණ රත්‍රන් තොගයක් කල්පිටිය, බත්තලන්ගුඩුවේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
අද ( 4) උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, බත්තලන්ගුඩුව දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම රත්‍රන් සොයාගැනීමට හැකිව තිබුණා.
ඒ අනුව ඩිංගි යාත්‍රාව සමග සැකකුරුවන් තිදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍ර බළඝණයේ කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබෙනවා.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.