බෝට්ටුවෙන් නෙමෙයි, නැවකින් යමුද?

අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දමා තිබූ ඉන්දියාව හා කන්කසන්තුරේ අතර මගී නැව් සේවාව ජනවාරී මස 2 (හෙට) දා සිට යළි ආරම්භ කෙරෙන බව ශිව ගංගී නැව් සමාගම ඊයේ (31) නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව සතියේ ඉරිදා හැර අනෙක් සියලුම දිනවලදී මෙම මගී නැව් සේවාව ක්‍රියාත්මක කිරීමට අදාළ නැව් සමාගම පියවර ගෙන තිබෙනවා.
මෙම නැව් සේවාවට මාස් මෝසම් වර්ෂාව විශාල බලපෑමක් සිදු කරන නිසා, ඒ කාලයට නැව් සේවාව තාවකාලිකව නවතා දැමීමට සිදුවීම ගැන ශිව ගංගී නැව් සමාගම අවධානය යොමු කොට ඇති අතර, ඊට කිසියම් විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කොට වසර පුරාම නැව් සේවාව පවත්වා ගෙන යෑමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඉල්ලා ඇති බව, සමාගමේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
නව වසරේ නැව් සේවාව අලුතින් ආරම්භ කිරීමත් සමගම ඉන්දියාවේ නාගපට්ටම් සිට යාපනයේ කන්කසන්තුරේ දක්වා තනි ගමනකට නැව් ගාස්තුව රුපියල් 35000 ක් ලෙස නියම කොට ඇති අතර, එම ගාස්තුව කලින් තිබූ ගාස්තුවට වඩා රුපියල් 1600 කින් අඩුවී ඇති බව සඳහන් වෙනවා.