බැංකොක් වලින් ආ ගමන් මල්ල

රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා, කුෂ්, මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම පුද්ගලයා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදීයි.

අද (24) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුයෙක් බව අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ, කුෂ්, මත්ද්‍රව්‍ය කිලෝ 04 යි ග්‍රෑම් 388 ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර සඟවා ගෙන පැමිණ සිටියදී මෙලෙස ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අදාළ පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ කුෂ් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *