බාස්මතී ලාබෙට දුන්නෙ ඇයි කියලා දන්නවද?

සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරතවන පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.
ඒ බාස්මතී සහලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර, බාස්මතී සහල් ලෙස වෙළෙඳපොළ තුළ අලෙවිකරණ බවටයි.
බාස්මති සහල් ඕනෑම අවස්ථාවක මෙරටට ආනයනය කළ හැකි අතර, සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300 කට වැඩි බදු මුදලක් පනවා තිබෙන බව සාමාන්‍ය තත්වයයි.
නමුත් මෙරට තුළ රුපියල් 220 – 250 ත් අතර සීමාව තුළ අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් මෙලෙස කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65 ක බදු මුදලක් ගෙවා මෙරටට ආනයනය කර වැඩි මිලට අලෙවිකිරීම සිදුවන බව වාර්තා වෙනවා.