බල පෙරළි අතරතුර සිදුවන යුධ ගැටුම්

ඊශ්‍රායල යුධ ගුවන් යානා අද සිරියාවේ ඩැමස්කස් අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය දින දෙක තුළදී ප්‍රහාර 100ක් පමණ එල්ල වී ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ ප‍්‍රහාරයන්ට ලක්වූ ඉලක්ක අතර රසායනික අවි නිෂ්පාදනයට සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ද වන බව සඳහන් වෙනවා.
සිරියාවේ සිදුවන බල පෙරලිය අතරතුරදී සිරියානු හමුදාවේ යුධ අවි, ආගමික අන්තවාදී කණ්ඩායම් අතට පත්වීම වැළැක්වීම ප්‍රහාරවල අරමුණ බව ඊශ්‍රායලය පවසනවා.
මේ අතර, ඊයේ අමෙරිකාව ද සිරියාවේ (IS) ත්‍රස්ත සංවිධානයේ කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවත් වාර්තා වෙනවා.
සිරියාවේ බල පෙරළියත් සමග පාලන තන්ත්‍රයේ ඇතිවිය හැකි හිඩැසකින් ප්‍රයෝජන ගැනිමට (IS) ත්‍රස්ත සංවිධානය උත්සහ දරනු ඇති බව ඔවුන් සඳහන් කරනවා.
ඊට එරෙහිව ඔවුන්ට ද අනතුරු අඟවමින් ගුවන් ප්‍රහාර 75ක් පමණ එල්ල කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.