බන්ධනාගාර මරණයේ ඇත්ත කතාව

ඊයේ (01) රාත්‍රීයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් මාතර බන්ධනාගාරයේ G හා F යන වාට්ටු දෙකෙහි සිටි රැඳවියන් 12 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු මියගිය පුවතක් වාර්තා වෙනවා.
මෙම අනතුර හේතුවෙන්, 54 වෙනි වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින බව, මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පවසනවා. මෙම පියවර ගනු ලැබුවේ, මාතර බන්ධනාගාරය තුළ පවතින් ඉඩකඩ සීමාවීම හේතුවෙන් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
බෝ ගසේ අත්ත කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් G හා F යන වාට්ටු දෙකට දැඩි හානි සිදුව තිබෙන අතර, අනතුර හේතුවෙන් එක් රැඳවියෙකු මියගිය අතර, ඔහු මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම සම්බන්ධයෙන් රුපියල් 20,000 ක දඩයක් නියම වී එම දඩය නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටි මිදිගම තුර්කි ගම්මානයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වෙනවා.
මෙවන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ද බන්ධනාගාරය තුළ ආරක්ෂාව ගාල්ල හා මාතර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරින් විසින්ද තහවුරු කොට ඇති අතර, බන්ධනාගාරය තුළ කටයුතු සාමන්‍ය පරිදි සිදු වෙමින් පවතින බව මංගල වැලිවිට මහතා පවසනවා.
තුවාල ලැබු රැඳවියන් 11 දෙනා මේ වනවිට මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වාර්තා වෙනවා.