බඩුත් එක්ක හොරු මාට්ටු

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයක සේවකයින් දෙදෙනෙකු පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ්, එම සංස්ථාවට අයත් යකඩ තොගයක් නීති විරෝධී ලෙස අලෙවිකිරීමේ චෝදනාව මතයි.
වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට රැගෙනවිත් තිබූ රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් යකඩ තොගයක් එම පාලමෙහි ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන්, යළි කොළඹ මූලස්ථානයට රැගෙන එන අතරතුර එහි සේවකයින් දෙදෙනෙකු එම යකඩ නීති විරෝධි ලෙස අලෙවිකර තිබෙන බව සඳහන් වෙනවා.
පානදුර උතුර පොලීසියට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී යකඩ අලෙවිකරමින් සිටි රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයේ රියදුරන් දෙදෙනා අත් අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
එම යකඩ, ගොරකපොළ ප්‍රදේශයේ පැරණි යකඩ මිලදී ගන්නා මධ්‍යස්ථානයකට අලෙවිකර තිබූ අතර, එහිදී යකඩ කිලෝ 1,083 ක් සමඟ සේවකයින් දෙදෙනා සහ යකඩ මිලට ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.