පොලීසියට පොලීසිය රැක ගන්න පුළුවන් වෙයිද?

සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. අද (02) දිනය තුළ එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බව, එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කරනවා.

කෙසේවෙතත්, අදාළ සයිබර් ප්‍රහාර කුමන පාර්ශවයක් සිදුක‍ළා ද පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැත.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රී පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණු බව වාර්තා වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *