පොලීසියට එරෙහිව පැමිණිල්ලක්

අල්ලස් චෝදනාවක් මත පොලිස් නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මුදල් ආරවුලක් සම්බන්ධව ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙන අතර, එම පැමිණිල්ල විභාග කර පැමිණිලිකරුට අයවීමට ඇති මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදිය හැකි බව පවසා, අදාළ පොලිස් නිලධාරියා විසින් ඒ වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව, එම අල්ලස් මුදල ලබා ගැනීම මත ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පසුගිය 23 වැනි දින අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.