පොල් ප‍්‍රශ්නෙට හේතුව මේකම නෙමෙයි

මේ වනවිට රටතුළ විශාල පොල් හිගයක් හටගෙන තිබෙනවා. මෙම පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්වය වියහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.

ඒ වගේම, මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70 කින් පමණ අඩුවීමද මීට හේතුවී ඇති බව ඔහු පවසනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා,

“කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහණය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වෙලා නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහණය වැඩි වෙනවා. මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27 – 28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක centigrade 33 ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා.”

“මෙයට කෙටි කාලීන පියවරක් විදිහට සත්ව ගහණය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අවස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ. ඒ නිසා අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ වෙනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *