පෙබරවාරි 04 මොකද වෙන්නෙ

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු නමුත්, රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බව, රාජ්‍ය පරිපාලනල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී අද (30) පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමිනි.
පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107 ක් වියදම් කර ඇති බැවින්, මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
එමෙන්ම නිදහස් දින සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවද, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසනවා.