පීඩාවට පත් ජනතාවට ජපන් ආධාර

පසුගිය කාලයේ තිබුණු අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීම නිසා විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබෙනවා.
මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 07 වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව වාර්තා වුණා.
එම ආධාර තොගය පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිතයි.