පාස්පෝට් එකක් රුපියල් 6000 යි

විදේශ ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 6000 ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ ලිපිකරුවෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියා.
විදේශ ගමන් බලපත්‍රයක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 6,000 ක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ දී අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් එහි නිලධාරීන් සඳහන් කළේ, සැකකරුට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඒ අනුව අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.