පාසල් නිමවූවන්ට වෘත්තීය පුහුණුවක්

පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින නිපුණතා සංවර්ධන නිලධාරීන් යොමු කර ඇති බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා.
එම නිලධාරීන්, ගම්මට්ටමින් තරුණ තරුණියන් දැනුවත් කරමින් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සියලු ග්‍රාම නිලධාරීවරුන් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, විවිධ කුලසතාවන්ගෙන් පිරි තරණ තරුණියන් සඳහා මේ වනවිට වෘත්තිය පුහුුණු පාඨමාලා 1500ක් පමණ ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
ඇතැම් පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර, ඇතැම් පාඨමාලා සඳහා සීමිත මුදල් ගෙවීමක් කළ යුතු බව ද ඔහු සඳහන් කරනවා.
වාර්ෂිකව වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා තරුණ තරුණියන් 135,000 ක් පමණ යොමු වන බවත්, එම පුහුණු වීම් සාර්ථකව අවසන් කරන තරුණ පිරිස් සඳහා NVQ හෙවත් ජාතික නිපුණතා සහතික නිකුත් කෙරෙන අතර එම සහතිකය දෙස් විදෙස් රැකියා සඳහා වලංගු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.