පාලනයෙන් තොර නම් දඬුවම්

උත්සව සමයේ මේ දක්වා කාලය තුළ පාලන මිලට සහල් අලෙවි නොකිරීම සම්බන්ධ වැටලීම් 342 ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පසුගිය 17 වැනිදා සිට අද (16) දක්වා කාලය තුළ එම වැටලීම් සිදුකර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කරනවා.

ඒ අනුව, අදාළ වැටලීම්වලින් 6 කට අදාළව අධිකරණ තීන්දු ලැබී ඇති අතර, එමගින් රුපියල් ලක්ෂ 7 ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට තීන්දු ලැබී තිබෙනවා.

එමෙන්ම අනෙකුත් වැටලීම්වලටද මේ වනවිට නඩු පවරා අධිකරණමය තීන්දු ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *