පාරිභෝගිකයාට වාසි ගැසට් නිවේදනයක්

පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරීමක් සම්බන්ධයෙන්.
ඒ අනුව, ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් ද මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් ලෙසද, ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425 ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් ලෙසද නියම කර තිබෙනවා.
අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙනු ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.