පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි.වී.චානකගේ ප‍්‍රශ්නය

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට එකම මට්ටමේ ආරක්ෂාවක් ලබාදීමට තීන්දු කළේ කුමන පදනමක් යටතේ ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක නිලධාරීන් සියලුදෙනා ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට වාර්තා වී ඇති බව ඔහු පවසනවා.

“අද දිනයේ දැක්කා අපි මහින්ද රාජපක්ෂ මහතාට හිටපු හමුදා නිලධාරීන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කියලා මාධ්‍ය පවා වාර්තා කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව සම්පූර්ණයෙන් අයින් කරනවා. පොලිස් නිලධාරීන් 60 දෙනෙක් පමණක් ඉතුරු වෙද්දි අයින් කරනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මම දැක්කා. එක සිරකරුවෙක් ගෙනියන්න විශේෂ කාර්ය බළකායේ වාහන දෙකක් යනවා හැබැයි රට බේරපු නායකයාගේ විශේෂ කාර්ය බළකාය අයින් කරලා හමුදාව අයින් කරලා. මොකක් ද මේ කරන්න යන්නේ? පාතාලේ නායකයාටත් දෙනවා STF වාහන දෙකක් හැබැයි රට බේරගත්ත නායකයාට දෙන්නේ පොලීසියේ 60 ක් පමණයි. රටේ සාමාන්‍ය පොලීසියේ 60 දෙනෙකුට පුළුවන් ද ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න. මේවා මේ LTTE එක සහ ඩයස්පෝරාවට ඕනේ විදියට කරන්න එපා. කොහොමද කියන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි මහින්ද රාජපක්ෂ මහත්තයාටයි එකම ආරක්ෂාව ආවේ? මොකක්ද ඒ තක්සේරුව? ඒ දෙන්නටම එකම තර්ජනයද තියෙන්නේ.”

මේ සම්බන්ධයෙන් පිලිතුරු ලබාදෙමින්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ තර්ජන සම්බන්ධයෙන් සිදුකළ සමාලෝචනයකට (Threat assessment) අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ බවයි.

“පොලීසිය මගින් 225 ම ආරක්ෂාව පිළිබඳව සමාලෝචනයක් කරලා තියෙනවා.ඒ අනුව පොලීසියේ 60 ක උපරිමයකට යටත්ව තමයි ආරක්ෂාව දෙන්න තීරණය කරලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාව ඉවත් කරන්න තමයි තීන්දු කරලා තියෙන්නේ. ඉදිරියේ දී ඒ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සිදුවේවී. ත්‍රිවිධ හමුදාව මේ හයදෙනාට මාස 11 1/2 කට රුපියල් කෝටි 61ක් වියදම් කරලා තියෙනවා”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *