පාන්දරම කටුනායකට ආව විදෙස් කාන්තාව

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට පැමිණි විදේශ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඈ සතුව තිබූ කොකේන් මත්ද්‍රව්‍යත් සමගයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ කාන්තාවක් වන අතර, අදාළ කාන්තාව ඝනාවේ සිට පැමිණි බව සඳහන් වෙනවා. ඇය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව අද (29) අලුයම 1.50 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සතුව තිබී ග්‍රෑම් 4068 ක් පමණ වන කොකේන් මත්ද්‍රව්‍ය තොගය අදාළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 142 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *