ප්ලාස්ටික් සහ පොලිතීන් තහනම්

මෙවර ශ‍්‍රී පාද සමය මේ මස එළඹෙන උඳුවප් පොහෝ දින ආරම්භ වී ලබන වසරේ මැදින් පොහෝ දිනයෙන් අවසන්වීමට නියමිතයි.
මෙම වන්දනා සමයේදී නල්ලතන්නිය – ශ‍්‍රී පාද මාර්ගයෙන් පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය වන පොදු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටලූ වලට විසඳුම් ලබාදීමේ අරමුණින් නුවරඑළිය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංජුලගේ ප‍්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග‍්‍රාම නිලධාරී කාර්යයාල පරිශ‍්‍රයේදී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. මෙම රැස්වීමට නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් එක් වූ බව වාර්තා වෙනවා.
මෙහිදී විශේෂයෙන්ම මෙහිදී ප‍්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ ශ‍්‍රී පාද රක්ෂිතයට දැඩි හානියක් සිදු කරන පොලිතීන් සහ ප්ලාස්ටික් බෝතල් පිළිබඳවයි. මෙවැනි දෑ සිරිපා කඳු මුදුනට ගෙනයාම වැළැක්විමට හැකි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ වගේම වන්දනාකරුවන්ට ප‍්‍රමාණවත් පානීය ජල පහසුකම් සැපයීම පිළිබඳවත් මෙහිදී කතිකා කර තිබෙනවා. විශේෂයෙන්ම නල්ලතන්නිය – ශ‍්‍රී පාද මාර්ගයේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පරිහරණය සඳහා ඉදිවන පානීය ජල ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා විවෘත කිරිමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ධර්ම සුගන්ධය පදනම මගිනි.