ප‍්‍රාණ ඇපකරුවන්ට මොකද කරන්නේ?

ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාස 15ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය මීට පෙර සූදානම් වුවත්, අවසන් මොහොතේ ඇති වූ ගැටළු කිහිපයක් එය ක්‍රියාත්මක වීම මේ දක්වා අවිනිෂ්චිත තත්වයක පවතිනවා.
මේ අතර, ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්වීමට නියමිත අතර, එහිදී තම රජය දිගු කලක් බලා සිටි ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹෙන බව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.
අමෙරිකානු බලධාරීන් ද එළැඹෙන ඉරිදා බලාත්මක කිරීමට අපේක්ෂා කරන සටන්විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ සටන් නතරවනු ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමට හැකිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.