ප‍්‍රසිද්ධ නළුවෙකු අත්අඩංගුවට

ඉන්දීය තෙළිගු නළුවෙකු වන අල්ලූ අර්ජුන්, එරට පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ පසුගිය සතියේ හයිද්‍රාබාද්හි චිත‍්‍රපට ශාලාවක පිටත වූ තෙරපීමකදී කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහායි.
අල්ලූ අර්ජුන් රංගනයේ යෙදෙන චිත‍්‍රපටයක් වන පුෂ්පා 02 ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමග පසුගිය 04 වැනිදා හයිද්‍රාබාද්හි චිත‍්‍රපට ශාලාවක් පිටත සිදුවූ තෙරපීමකදී අදාළ කාන්තාව මියගොස් තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු ජුබිලි හිල්ස්හි සිටි අතර, කාන්තාවගේ මියයාම සම්බන්ධයෙන් තෙළිගු නළු අල්ලූ අර්ජුන් සහ ඔහුගේ ආරක්ෂකයින්ට වගේම, එම සිද්ධිය සිදු වූ චිත‍්‍රපට ශාලාවේ කළමණාකාරිත්වයට එරෙහිවද හයිද්‍රාබාද් පොලීසිය නඩු පවරා තිබෙන බව වාර්තා වෙනවා.