ප‍්‍රශ්න තියෙනව නම් කියන්න

කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ සේවකයන්ගේ ගැටලූ වෙනුවෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහායි.

තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 0707 22 78 77 යන මෙම නව WhatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව WhatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *