ප‍්‍රවීණයෙකුගේ නික්ම යෑම

ශ‍්‍රී ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් ප‍්‍රවීණ ගායක ශිල්පී ප‍්‍රියා සූරියසේන මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු, මියයන විට 80 වැනි වියේ පසුවුණා.

ආදරණීය නේරංජනා, හෙට දවසේ අප ආයේ, මා සැමරුම් පොතේ, මාගේ සැමරුම් පොතේ ඇතුලූ ගීත රැසක් සඳහා, ඒ මහතා සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ප‍්‍රියා සූරියසේන මහතාගේ දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසැල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බව පවුලේ සාමාජිකයින් දැනුම් දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *