ප‍්‍රමිතියෙන් තොර පානීය ජලය

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ ආයතනයක් පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා.
ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මාවනැල්ල හෙන්මාතගම ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබුණා.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාගත් ලියාපදිංචි සහතිකය කල් ඉකුත්ව තිබියදීත් එම තොරතුරු ව්‍යාජ ලෙස යොදා ගනිමින් අදාළ පානීය ජල බෝතල් නිෂ්පාදනය කර ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිලිලීටර් 500 ජල බෝතල් 1,904 ක්, ලීටරයේ ජල බෝතල් 484 ක්, ලීටර් එකහමාර ජල බෝතල් 576 ක් හා ලීටර් 19 ජල බෝතල් 34 ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
පණතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රාහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන බැවින් අදාළ ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.