ප‍්‍රදේශ කිහිපයකම ගැවසුණු පහේ කල්ලිය

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21 කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන් කණ්ඩායමක් මහනුවර, ගලහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
සැකකරුවන් අවුරුදු 19, 21, 22, 23 සහ 26 යන වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.
මෙම පිරිස විසින් වසර 4ක කාලයක් පුරා යාපනය, වව්නියා, කයිට්ස්, මාමණ්ඩු, ගම්පොළ, ගලහා, නුවරඑළිය, කඳපොළ සහ මාතලේ යන ප්‍රදේශවල නිවාස, කෝවිල් සහ රන් ආභරණ වෙළෙඳසැල් බිඳමින් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට මෙම සැකකරුවන් විසින් සිදුකළ සොරකම් 24 ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
ඒ වගේම, මෙම සැකකරුවන්ට එරෙහිව යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු 9ක් නිකුත් කර ඇති බව ගලහා පොලීසිය පවසන අතර, අධිකරණවලින් නිකුත් කළ වරෙන්තු අනුව සැකකරුවන් කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවලට ගොස් නිවසක් කුලියට ගෙන එහි සිට මෙම සොරකම් සිදුකොට ඇති බව වාර්තා වෙනවා.
ඔවුන් සොරකම් කළ මුදල් මේ වනවිට වියදම් කර තිබෙන අතර, සොරාගත් රන් ආභරණ කිහිපයක් පමණක් යාපනය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක තිබියදී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.